(පබසර ලියන ලදී.......31.10.2011)
පළවෙනිදා.....
"අපේ ගමේ ඇළ වැලි ගොඩ දාන ජාවාරම් කාරයින්ගෙන් ගලවගත්තේ නැත්නම් අනාගතේදී ඇළ ඉවුර හේදි හේදි ගම විනාස වේවි....!
දෙවෙනිදා ......
වැලි ගොඩ දාන උන්ගෙන් ඇළ බෙර ගන්න ගමම දැනුවත් කලා....සිරායි, අමරයයි ගමේ
කවුරුත් ඉස්සරහ මාව පාච්චල් කලා....එත් ගොඩක් අය මාත් එක්ක එකග උනා ..
තුන්වෙනිදා .......
"රත්ගල් ඇළ සුරැකීමෙ ව්‍යාපාරය" අපි අද පටන් ගත්තා...ගමේ හැමෝම වගේ ආවා...ටීවී එකෙනුඉ,පත්තරෙනුඉත් ආවා ...
හතරවෙනිදා ....
වැලි මුදලාලි සිරයි අමරයයි එක්ක මාව හම්බ වෙන්න ආවා...උද්ඝෝෂණ නවත්තන්න
කීයක් ඕනද ඇහුවා...මම සල්ලි වලට යටවෙන්නේ නෑ කියල උන්ට කියලා දුන්න..
පස්වෙනිදා...
ඇමති තුමයි ,වැලි මුදලාලියි ආවා..මට පරිසර අමාත්යන්ශේ රස්සාවක් දෙන්නම්
කිව්වා...රත්ගග සුරැකීමේ ව්‍යාපාරය නවත්තල දාලා කොළඹ යමු
කිව්වා..ලිමොසින් කාර් එකකුත් දෙන්නම් කිව්වා..මම බෑ කිව්වා....
හයවෙනිදා....
මැරයෝ වගයක් තුරුලිට අඩන්තේට්ටම් කරන්න හදල තිබුන....තුරුලි මම බඳින්න ඉන්න
ගෑනු ළමය...එයාට තර්ජනය කරපු එවුන් කියලා තිබුනේ මගේ වියාපාරේ නවත්තන්න
කියලයි ...තුරුලි මගේ ලග ඉකිබින්දා...මට වාවගන්න බැරි උනා....
හත්වෙනිදා...
මම රත්ගග සංචාරක හා ආර්ථික වැඩසටහනේ සම්බන්ධීකරණ ලේකම් උනා...ඇමති තුමා
පොරොන්දු උණු ඔක්කොම දුන්න,,,දැන් මම ගඟේ වැලි ගොඩ දාන්න පුළුවන් තවත්
තැන් පිළිබඳව රිසර්ච් එකක් කරනවා...තුරුලිත් සතුටෙන්...මාත් එහෙමමයි ...
(මළමිනියක් වෙලා ගඟේ පාවෙලා යනවට වඩා මෙහෙම සැප ලැබෙන එක කොච්චර ෂෝක්ද?
මැටි කියන නම දැකපු හැමෝම කිව්ව එක දෙයක් තිබුනා......... "මොකක්ද ඔය විකාර නමේ තේරුම?" මම ඒ අයගෙන් අනිත් අතට මෙහෙම ඇහුවා....."මැටි කියන්නේ මොනවද?".. "?" කවුරුත් මුහුණු ප්‍රශ්නාර්ථයක් කරගෙන මගේ දිහා බැලුවා...... "මැටි ගොඩකට පුළුවන් පුංචි ගුරුලේත්තුවක ඉඳල ජේතවනාරාම දාගැබ තරමෙ මහා නිමවුමක් වෙන්න ...එහෙම බලද්දී මැටි කියන්නෙ අප්රකාශිත ප්රකාශනයක මූලාරම්භය...මැටිත් හරියට අපේ හැගීම් වගෙයි...." මගේ පැහැදිලි කිරීමෙන් පස්සේ කාගෙත් මුහුණුවල ප්රහ්නාර්ථ දෙකක්ම ඇඳිල තියෙන හැටි මට යන්තමට පෙනුන....
මැටි
ආයුබෝවන් ! මැටි ..ඔබව සාදරයෙන් පිළිගනී .....අලුත් ව්ඳීමකට ආරාධනා !
හඳ රාහු අල්ලල නම්, තරු කඩාගෙන වැටිල නම් අඳුරෙම ඉන්නෙ නැතිව අඩු ගානෙ ගිනි කූරක් වත් පත්තු කරන්න එපැයි. ඒත් ඉතින් ඒකෙන් තමන් විතරක් නෙමෙයි තමන් ආදරය කරන අයත් පිච්චෙනව නම් වර්ථමාන ලෝකයේ ජීවත් වෙන්න තියන හොඳම විදියට ගිනි කූර නිවල දාල අඳුරෙම ඉන්නව. නැත්නම් ඉතින් පිච්චෙන්න විතරක් නෙමෙයි ජාතික ද්‍රෝහියෙක් වෙලා තමයි නවතන්නෙ......
ReplyDeleteදැන් කාලෙ ගල් වලින ගහන අය පස්සෙ මල් මාලා දානව නෙමෙයි මාලා දැම්ම අය බලාගෙන ඉන්නෙ කොයි වෙලාවෙද ගල් ගහන්නෙ කියලා.......
අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයිලු!!!!! :P